තෙල් සංස්ථා පරිශ්‍රයේ වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

by Staff writer 07-01-2019 | 11:34 AM

COLOMBO (News 1st) - දෙමටගොඩ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අයුතු ජන රාශියක සාමාජිකයෙකුවීම, කලහකාරි ලෙස හැසිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකාර මන්ත්‍රීවරයා අද අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වැනි දා තෙල් සංස්ථා පරිශ්‍රය තුළ මෙම කලහකාරි තත්ත්වය ඇතිවිය.