ජනපතිගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

by Staff writer 07-01-2019 | 12:19 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට බලකරන මැන්ඩමූස් රීට් ආඥාවක් කොටුව පොලිස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කර තිබේ.

ඒ, අදාළ පෙත්සම පදනම් විරහිත පෙත්සමක් බවට නිගමනය කරමිනි. පෙත්සම ගොනුකර තිබුණේ තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නැමැති කාන්තාවකි. එම පෙත්සම නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය පෙත්සම් පාර්ශවයට නියෝග කළේ, වග උත්තරකරුවන්ට රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසයි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුවේ ය.