by Staff writer 07-01-2019 | 8:38 PM
COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර වංචාව සම්න්ධයෙන් එවක අධිපතිවරයාට පැවරෙන වගකීමෙන් නිදහස් විය නොහැකි බව විගනකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද නිව්ස් ෆස්ට් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉරිදා පුවත්පතකට ලිපියක් යොමුකරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පියා වන චාලි මහේන්ද්‍රන් මහතා තම පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස පෙන්වා දුන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබිණ.
ඔහු එම ලිපියේ විමසා තිබුණේ, එසේ සිදුකිරීමට ඇති සාක්ෂි මොනවා ද යන්නයි.
ප්‍රශ්නය :
විගණකාධිපතිතුමනි දැන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ගත්ත වැරදි තීන්දු නිසා ඒ වෙලාවේ වෙච්ච අලාභය ඔබතුමා ගණනය කළා එතුමාගේ පියා ලිපියක් දාලා තියෙනවා මේ චෝදනා කරන්නේ එතුමාගෙන් යම්කිසි විදිහකට ද්වේශ සහගතව දේශපාලන පක්ෂයකට චෝදනා කරන්න එතුමාව උපයෝගි කරගෙන කියලා.එහෙම අනුව ඔබතුමත් එතුමට යම් චෝදනාවක් කළ අයෙක් ඔබතුමාට පිළිතුරක් තියෙනවද ?
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඊට ලබාදුන් පිළිතුර පහතින්...
"විගණකාධිපතිවරයා හැටියට මට කියන්න තියෙන කාරණය තමයි යම් කිසි ආයතනයක කොතනක හෝ මූල්‍ය අවභාවිතයක් තියෙනවනම් ඒකේ ප්‍රධාන වගකීම යන්නේ ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරීයාට . ඒ නිසා සෙන්ට්‍රල් බෑන්ක් එකේ සිද්ධ වෙන වැරදි සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරීයාට යනවා .නමුත් දැන් මේ සිද්ධිය ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා , ඕක කතා නොකළ යුතු ප්‍රශ්ණයක් මොකද ,අවශ්‍ය දේ සාක්ෂි සහිතව ඔප්පුවෙලා ඉවරයි .ඉතින් ඒක නීතිය ඉදිරියේ ඔප්පුවෙයිද නැද්ද කියලා වචනයක් මට ප්‍රකාශ කරන්න බැහැ .නමුත් මගේ පරීක්ෂණ හැටියට ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරීයා සෘජුවම මේකට වගකිව යුතුයි කියන එක තමයි කියන්න තියෙන්නේ"
විගනකාධිපතිවරයාගේ මේ ස්ථාවරය බැඳුම්කර වංචාව පිළිබඳව විගණන වාර්තාවේ ද පැහැදිලිව පෙන්වාදී තිබේ.
මේ උපදේශය චාලි මහේන්ද්‍රන් මහතාට නොතේරෙන්නේ ඇයි?
https://www.youtube.com/watch?v=mzIx66Q7Bvg