ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 07-01-2019 | 6:21 AM

දේශීය පුවත්

1. රටට ඇතුළු වූ විදෙස් ගුවන් යානයක් නිසි අවසරයකින් තොරව යළි රටින් පිටව යයි: විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ. 2. සිරසට එල්ල වූ මැර ප්‍රහාරයට දස වසරයි - ප්‍රහාරකයින් තවමත් නිදැල්ලේ…: මාධ්‍ය නිදහස පිළිබඳව සමාජයේ යළිත් තියුණු කතාබහක් ඇතිව තිබියදී ශ්‍රී ලාංකික ජනතාවට කිසිසේත් අමතක නොවන එක්තරා සිද්ධියකට ඊයේ දස වසරක් සම්පූර්ණ වේ. ඒ, සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ මැර ප්‍රහාරයයි. 3. අර්ජුණ මහේන්ද්‍රන්ගේ පියා චාලි මහේන්ද්‍රන්ට සිහි කැඳවීමක්: හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පියාණන් වන චාලි මහේන්ද්‍රන් මහතා දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් යොමු කරමින් සඳහන් කළ ඇත්තේ ඔහුගේ පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස පෙන්වා දුන්නේ කෙසේ ද යන්නයි. 4. සුනිල් ශාන්තට හිරෙන් පනින්ට අනුබල දුන් සැකකරු රිමාන්ඩ්: සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බන්ධනාගාරයෙන් පළායාමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 5. කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති එස්. අරුල්සාමි අභාවප්‍රාප්ත වෙයි: ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වූ එස්. අරුල්සාමි මහතා අභාවප්‍රාප්ත විය.

විදෙස් පුවත්

6. අමෙරිකානු රජය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථකයි: අර්ධ අක්‍රිය තත්ත්වයට පත් ව ඇති අමෙරිකානු ආණ්ඩුව යථා තත්ත්වයට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් සහ ට්‍රම්ප් පරිපාලනය අතර ඊයේ පැවති සාකච්ජා අසාර්ථක වී තිබේ.