ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී

by Staff writer 07-01-2019 | 9:53 AM

ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.

ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි. කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි. ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලෙසයි.