ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටී 30 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටෙයි: පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

by Staff writer 07-01-2019 | 7:53 AM

ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

බඩක්ෂාන් ප්‍රාන්තයේ ගම්වාසීන් රන් සෙවීමේ අරමුණින් මීටර් 60 ක් පමණ ගැඹුරට කැනීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් තව ත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ කම්කරුවන් 13 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් වූ බවය. ඇෆ්ගනිස්ථානය තුළ ඛනිජ සම්පත් විශාල වශයෙන් පැවතිය ද ඛනිඡ සම්පත් පවතින භූමි ප්‍රදේශවල නඩත්තු කටයුතු පහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.