අම්පාරේ මුද්‍රණාල සේවකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම

අම්පාරේ මුද්‍රණාල සේවකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම...

by Staff writer 07-01-2019 | 7:04 AM

COLOMBO (News 1st) - අම්පාර නගරයේ මුද්‍රණාලයක සේවය කළ සේවකයෙකු පසුගිය දා අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණු දුන්නේ ය.

ඒ, මුද්‍රණ යන්ත්‍රයක සිය දකුණු අත සිරවීමෙනි. පසුගිය 28 වන දා පස්වරුවේ මෙම අනතුර සිදු විය. අම්පාර ප්‍රදේශයේ ඇති මහා පරිමාණ මුද්‍රණාලයක සේවයෙහි නිරත පුද්ගලයෙකු මෙලෙස අනතුරට මුහුණ දී තිබුණි. අනතුරුව මුද්‍රණාලයේ හිමිකරු විසින් අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයෙකු එම ස්ථානයට ගෙන්වා හදිසි ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබු අතර ඒ වන විටත් අනතුරට පත් පුද්ගලයගේ දකුණු අතින් අධික ලෙස රුධිරය වහනය වී තිබුණි. පසුව අම්පර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හා ගිලන් රථ ප්‍රතිකාර කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අනතුරට පත් පුද්ගලයාගේ අත යන්ත්‍රයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. පැය කිහිපයකට පසුව යන්ත්‍රය දෙකට කපා අත ඉන් ඉවත් කෙරුණු අතර අනතුරට පත් පුද්ලගයා වහාම අම්පාර මහ රෝහලට රැගෙන ගිය අතර ඉන් පසු ඔහු මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබුණි. ඔහු මේ වනවිට මහනුවර මහ රෝහලේ 24 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද අප වාර්තාකරු පැවසුවේ ය. එම මුද්‍රණාලයේ ඇති විශාලතාම යන්ත්‍රය වන මෙම යන්ත්‍රය ජර්මනියේ නිෂ්පාදිත යන්ත්‍රයක් වන අතර එහි වටිනාකම රුපියල් එක්කොටි 15 ලක්ෂයක් පමණ වන බව අප වාර්තාකරු සඳහන් කළේ ය.