"අපේ හොරා අපිට හොඳයි" - අනුර කුමාර දිසානායක

"අපේ හොරා අපිට හොඳයි" - අනුර කුමාර දිසානායක

by Staff writer 07-01-2019 | 7:19 AM

COLOMBO (News 1st) - ජනතාවාදී පාලනයක් වෙනුවෙන් විද්වත් පෙළගැස්ම මැයෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත් විය.

ඒ, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක,
අධ්‍යාපන අමාත්‍යංශය බැලුවොත් අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රමුඛතාවය තියෙන්නේ අධ්‍යාපනයේ තියන ගුණාත්මකභාවය වර්ධනය කරන්න නෙමෙයි, මොන විශ්වවිද්‍යාලයේ ද හොස්ටල් එකක් හදන්නේ, කොතනද ටොයිලට් එකක් හදන්නේ. හදන එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. හදන තරමට තමයි ඒගොල්ලන්ට ගාන එන්නේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට බිල්ඩින් එකක් හදන්න යනවා බිලියන 20යි කෝටි 2000 ක්. විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් කෝටි 100 ක් වෙන් වෙන්නේ නැහැ. හැබැයි බිල්ඩින් එක කෝටි 2000 යි. ගම්වල කියමනක් තියනවා පුංචි අම්මාගේ තරමට තමයි බාප්පා. ජනතාවට ගැලපෙන පාලකයෝ. මේ ජනතාව කොතනද ඉන්නේ. මොනතරම් අගතිගාමී අදහස්වලද ඉන්නේ. රනිල් මහත්තයා බැඳුම්කර හොරකමට වගකිව යුතු බව ඔප්පු වී තිබියදීත් එක්සත් ජාතික පාක්ෂිකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක් විදිහට සලකන්නේ නැහැ. අපේ හොරා අපිට හොඳයි. මහින්ද රාජපක්ෂ බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විසින් ඉදිරිපත් කළ කොමිසන් සභා ඇතු‍ළේ මහින්ද රාජපක්ෂ වරදකරුවෙක් කරලා තියනවා. හැබැයි මහින්ද රාජපක්ෂගේ හොරකම් ඒ කඳවුරට අපේ හොරා අපිට හොඳයි. ඉතින් මේ ජනතාවත් එක්ක රටක් හදන්න පුළුවන්ද ?