අන්තරේ සිසුන් කොළඹදී විරෝධතාවක

අන්තරේ සිසුන් කොළඹදී විරෝධතාවක

by Staff writer 07-01-2019 | 12:42 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඒ, සබරගමුව විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට බාහිරින් බඳවා ගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව කප්පාදු කර ඇති බවට චෝදනා කරමිනි. ශිෂ්‍යයින් පා ගමනින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කිරීමෙන් පසු මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් වෝඩ් පෙදෙස ඇතුළු අවට මාර්ග රැසක රථ වාහන ධාවනයට බාධා මතු ව ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළහ.