ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී

ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී

ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී

කර්තෘ Staff writer

07 Jan, 2019 | 9:53 am

ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.

ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි.

කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි.

ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]