හිස්බුල්ලා වෙනුවට පාර්ලිමේන්තු යන්නේ කවු ද?

හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට මැතිවරණ කොමිසම සුදුස්සෙකු ඉල්ලයි..!

by Staff writer 06-01-2019 | 1:30 PM

COLOMBO (News 1st) - එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරස්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුස්සෙකු යෝජනා කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලීමක් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ඊට අදාළ ලිපිය හෙට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා වෙත යොමු කරන බවය. හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීමෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩුව ඇති බව ජාතික මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබුණේ පසුගිය සිකුරාදායි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා විසින් සුදුසු නමක් ලබාදීමෙන් එය ගැසට් කෙරෙනු ඇති. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරධූරයට පත්වීමෙන් අනතුරුව හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.