සා/පෙළ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් වසා දැමේ

සා/පෙළ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් අනිද්දා සිට වසා දැමේ

by Staff writer 06-01-2019 | 7:30 AM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් අනිද්දා සිට 17 වැනි දින දක්වා වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් වසා තැබෙන බවයි.

මේ අතර ඇගයීම් මධ්‍යස්ථාන සඳහා තව ත් පාසල් 21 ක් යොදා ගන්නා අතර එම පාසල්වල කොටසක් පමණක් යොදා ගනිමින් ඇගයීම් කටයුතු සිදු කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඇගයීම් මණ්ඩල 257 කට අනුයුක්තව පරීක්ෂකවරු 3500 ක් මගින් ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත වේ. විභාග කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේ, 15 වන දාට යෙදෙන තෛපෝංගල් දිනය වෙනුවෙන් දෙමළ මාධ්‍ය ඇගයීම් මණ්ඩල සඳහා නිවාඩු ලබාදී ඇති බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර පසුගිය 23 වැනි දා සිට 31 වැනි දා දක්වා සිදු කෙරුණි. සමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනි දා සිට 16 වැනි දා දක්වා පැවැත් විය.