අපරාධකරුවන් 5 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට

by Staff writer 06-01-2019 | 10:52 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවන් 5 දෙනෙකු නිට්ටඹුව, රුක්ගහවිලදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සත්කයේ තිබි ජීව අත්බෝම්බයක් ද සොයාගත් බවයි. කිසියම් අපරාධයකට සැකකරුවන් සූදානමින් සිටි බව පොලීසිය පවසයි. ඔවුන් 26, 30, 31, 33 සහ 36 හැවිරිදි උදුගොඩ සහ රුක්ගහවිල පදිංචිකරුවන් ය. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.