කැලණි, දැදුරු සහ මා ඔයේ වැලි ගොඩ දැමීම තහනම් !

වැලි ගොඩ දැමීම් හේතුවෙන් කැලණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවලට තර්ජන

by Staff writer 06-01-2019 | 6:51 AM

COLOMBO ( News 1st) - වැලි ගොඩ දැමීම් සහ කසළ බැහැර කිරීම් හේතුවෙන් ගංඟා ආශ්‍රීතව ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එහි ජල විද්‍යා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් ක‍ළේ, මෙවැනි ක්‍රියා හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් මුහුදු මට්ටමට වඩා මීටර් 5 කට අධික ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවය. ගංඟාවල ඇතැම් ස්ථාන මීටර් 15 ඉක්ම වූ සීමාවලින් පහළ ගොස් ඇතැයි ද ඇය පෙන්වා දෙයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/06-01-JANAKI-MEEGASTHENNA-01-ED.wav"][/audio] පවතින මෙම අවදානම හේතුවෙන්, ගංඟා ආශ්‍රිත වැලි ගොඩ දැමීම් අත්හිටුවීමට හෝ සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළා ය. ඇය පැවසුවේ, මේ වන විට කැලණි, දැදුරු සහ මා ඔයේ වැලි ගොඩ දැමීම සම්පුර්ණයෙන් තහනම් බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/01/06-01-JANAKI-MEEGASTHENNA-02.wav"][/audio]