ලංකාවේ දේශපාලනය ගැන මුරලි යළි හඬ අවධි කරයි - ක්‍රිකට් කණ්ඩායම පිළිබඳවත් මුරලි කලකිරීමෙන්

by Staff writer 06-01-2019 | 8:01 AM

COLOMBO (News 1st) - හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්විය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති පාසල් 22 ක සිසුන් 850 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරුණේ, මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙනි. අනතුරුව ඔහු මාධ්‍ය හමුවකට ද එක්විණි. මාධවේදී ප්‍රශ්නය,
මුරලි අද රට මේක බැලුවාම කියයි මුරලි නිහඬව ඉඳලා එක පාරටම එන්නෙ මේ දේශපාලනයට එන්න ද කියලා ?
හිටපු ක්‍රිකට් ක්‍රීඩක, මුත්තයියා මුරලිදරන්,
නෑ එහෙම නෑ. මම ළඟදි බැලුවා මේ රටේ ඉන්න 45% ක් ඩොලර් 2 ක දවසේ වැටුප හැටියට ඩොලර්, 200 ක් කියන්නේ දැන් වෙද්දි 370 ක් වෙන්න පුළුවන්. ඒ කාලෙදි 350 යි. 350 කින් මිනිහෙක්ට ජීවත් වෙන්න බෑ. දෙන්නෙක් වැඩ කරත් අමාරුයි. රුපියල් 20,000 ක්වත් අතට එන්නෙ නෑ. ඉතින් එහෙම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. ඉතින් මිනිස්සුන්ව කොහොමද අපි ගොඩගන්නෙ කියලා බලන එක තමයි අපේ බලාපොරොත්තුව.දේශපාලනයට එන්නම ඕනෙ නෑ වැඩ කරන්න. ඒ කියන්නෙ හදවතින් ඇත්තටම වැඩක් කරන්න ඕනෙනම් දේශපාලනය ඕනෙ නෑ. ඉතින් මම අදහසක් වශයෙන් කියන්නේ මේක මිනිස්සු හිතනවනම් මේ දේශපාලනේ හරි නෑ කියලා ඒගොල්ලන් ඒගොල්ලොම හිතලා බලන්න ඕන දේශපාලනයව පත් කරන්නෙත් මිනිස්සුනේ
මාධවේදී ප්‍රශ්නය,
අපේ ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ තියන තත්ත්වය ගැන ඔබ සෑහීමකට පත්වෙනවා ද ?
හිටපු ක්‍රිකට් ක්‍රීඩක, මුත්තයියා මුරලිදරන්,
නැහැ
මාධවේදී ප්‍රශ්නය,
ඇයි ඒ ?
හිටපු ක්‍රිකට් ක්‍රීඩක, මුත්තයියා මුරලිදරන්,
ඉතාමත් දැවැන්තම කණ්ඩායමක් විදියට අවුරුදු 20 ක් අපි හිටියා. ඒ විස්සේ තියපු එක දැන් අපිට නැතිවෙලා තියෙන්නෙ. අපිට කොලිෆිකේෂන් එකක්වත් ගහන්න වෙනවා කොලිෆයි කරන්න වර්ල්ඩ් කප් එකකට. ඒ තත්ත්වෙට වැටිලා තියෙන්නෙ. මම කියන්නෑ දක්ෂ ක්‍රීඩකයෝ නැත්තෙ කියලා. ඒක මොන හේතුවක් හින්දා කියලා ඒක ගැන මම බලන්න ගියෙත් නෑ. මේකට අපි සුදුසු කට්ටිය දාලා තියෙනවනේ. ඒගොල්ලො තමයි පිළිතුරු හොයන්න ඕන ඇයි මෙහෙම උණේ. මේවලට විසඳුම් හොයන්න ඕනෙත් ඒගොල්ලන්. අපිට එළියේ ඉඳන් විසඳුම් දෙන්න අමාරුයි. ඇතුළට ගිහින් බලන්න ඕන මොකද වෙලා තියෙන්නෙ කියලා. මේක ඇඩ්මිනිස්ට්‍රේෂන් විතරක් දොස් කියන්න බෑ. ප්ලේයර්ස්ලගෙත් මදිකමක් පේනවා.