නාවික හමුදාපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

නාවික හමුදාපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

by Staff writer 06-01-2019 | 11:43 AM

COLOMBO (News 1st) - නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනී.

නාවික හමුදාව සඳහන් කළේ, නාවික හමුදාපතිවරයා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි. එහිදී මහ නා හිමිවරුන් නව තනතුරේ රාජකාරී මැනවින් ඉටු කළයුතු ආකාරය පිළිබඳ නාවික හමුදාපතිතුමන්ට කෙටි අනුශාසනාවක් ද සිදු කළේ ය. නාවික හමුදාපතිවරයා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුවුයේ ඉන් අනතුරුවය.