ගෑස් මිල ඉහළ යයි ද?

ගෑස් මිල ඉහළ යයි ද?

by Staff writer 06-01-2019 | 11:09 AM

COLOMBO (News 1st) - ගෑස් මිල කිසිදු අයුරකින් ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මිල ඉහළ දමන්නැයි සමාගම් ඉල්ලීම් කර ඇති බවයි. අදාළ ඉල්ලීම් මේ වන විට ජීවන වියදම් කමිටුවට යොමු කර ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. ඊට හේතුවී ඇත්තේ පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් පහළ යාමයි. එම තත්ත්වය තුළ ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් නොදෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. මේ අතර තොග සඟවා සිටින ගෑස් අළෙවිකරුවන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත වැටලීම් ඉහළ දමා ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ ය.