'සේනා' වංසගතයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්

'සේනා' දළඹු ව්‍යාප්තිය වංසගතයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්

by Staff writer 05-01-2019 | 4:42 PM

COLOMBO (News 1st) - 'සේනා' දළඹු ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ අවදානමක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ් වීරකෝන් මහතා සඳහන් කළේ, බඩ ඉරිඟු වෙළෙඳාම් කරන ජංගම වෙළෙඳ කුටි ඊට ප්‍රධාන හේතුවක්වී ඇති බවයි. අදාළ වෙළෙඳුන් ඉවතලන බඩ ඉරිඟු කොටස්වල සිටින සේනා දළඹුවන් අනෙක් භෝගවලට ව්‍යාප්තවීමත් සමග එය වසංගයක් දක්වා වර්ධනය වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. බඩ ඉරිඟු වගාවෙන් 50% ක පමණ මේ වන විට සේනා දළඹු ව්‍යාප්තිය සිදු ව ඇතැයි ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ් වීරකෝන් මහතා සඳහන් කළේ ය.