සුනිල් ශාන්තට පළායාමට ආධාරදුන් පුද්ගලයෙකු කොටුවෙයි

සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බන්ධනාගාරයෙන් පළායාමට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 05-01-2019 | 5:30 PM

COLOMBO (News 1st) - සුනිල් ශාන්ත නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට බන්ධනාගාරයෙන් පළා යාමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. සුනිල් ශාන්ත නැමැත්තාට බන්ධනාගාරයෙන් පළායාමට ඔහු සහාය වී තිබුණේ බන්ධනාගාර නියාමකවරයකුගේ වෙස් ගනිමිනි. ඔහු වැඩ තහනමකට ලක් වූ හමුදා සෙබලෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සුනිල් ශාන්ත නැමති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු පළාගොස් තිබුණේ පසුගිය නොවැම්බර් මස 07 වැනිදායි.