by Staff writer 05-01-2019 | 4:54 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂූ. ජියෑන්වෙයි මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
ඒ, නාවික හමුදා මූලස්ථානයේදීයි.
එහිදී නව නාවික හමුදාපතිවරයාට චීන ආරක්ෂක උපදේශකවරයා සිය සුභාශිංසන පිරිනමා තිබේ.
ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ ඔවුන් එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු බව නාවික හමුදාව සඳහන් කළේ ය.