ජෝතිර්වේදී සුමනදාසට රජයේ ගුවන් සමාගමකින් වාහනයක් ලැබුනේ ඇයි ?

by Staff writer 05-01-2019 | 10:12 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, තමන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් වාහනයකට රුපියල් ලක්ෂ 82 ක් මිහින් ලංකා ගුවන් සමාගම හරහා නිකුත් කළ බවයි.

ඒ සම්බන්ධව අද ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සිය අදහස් මෙලෙස පළ කළේ ය. ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී, සුමනදාස අබේගුණවර්ධන,
ශ්‍රීලංකන් එයාලයින් මං වැඩ කලේ නැහැ. මං ජාතික ඉතිරි කිරීම් බැංකුවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයා විදිහට වසර 8 ක් පමණ වැඩ කළා. 2007 ජුලි මාසයේ දවසක් අතිගරු ජනාධිපතිතුමා උදේ මට කතා කරලා කිවා අන්න සුමිත් මහත්තයාට වහනයක් තියෙනවා අරන් යන්න කියලා. ඒහේම කිවට පස්සේ මට සම්බන්ධ වෙන්නේ එතුමාගේ ළඟම හිටිය ආරක්ෂක නිලධාරියා නේවිල් වන්නියආරචිච මහත්තයා තමයි. මං ඉතින් වහනය අරන් ගියා. මේ ලොකු වහනයකුත් නෙවෙයි. එන් 16 න් කියන වහනයක්. ඒ වේලාවේ මං ළඟ බෙන් කාර් අවුඩි කාර් පොජො කාර් මගේ ගොඩක් වහන තිබුණා. ඒ වගේම එන් එස් බි බැංකුවෙනුත් මට වහනයක් ලැබිලා තිබුණා. ආණ්ඩු වෙනස් වුණාට පස්සේ 2015 ජනවාරි මාසයේ 15 වගේ මට මතක මං කතා කරලා මං වහනය භාර දුන්නා.
මාධවේදී ප්‍රශ්නය,
ඔබතුමා ශ්‍රී ලංකා එයාලයින් එකේ වැඩ කරන්නේ නැතුව වාහනයක් ගත්තේ කොහොම ද?
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී, සුමනදාස අබේගුණවර්ධන,
ඒ ප්‍රශ්නය මගෙන් අහලා වැඩක් නැහැ ඒ ප්‍රශ්නය අහන්න ඕනි ජනාධිපතිතුමාගෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් තමා අහන්න ඕනි එතුමානේ වහනය දුනේ.. කවුද අප්පා වහනයක් දෙනකොට එපා කියන්නේ කවුද අප්පා වහනයක් දෙනකොට බැරියේයි කියන්නේ.