ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-01-2019 | 6:54 AM
COLOMBO (News 1st)  1. නව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙක් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 2. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීම වළක්වමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා වෙත ඊයේ නියෝගයක් නිකුත් කළේ ය. 3. 2019 අයවැය ක්‍රියාවලියේ මුල් පියවර වන විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. 4. ශ්‍රීලංකන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබා ගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 5. වසර 10කට පසු කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ අඩුම අගය ඊයේ වාර්තා විය. විදෙස් පුවත් 6. ඉන්දියාවේ නවදිල්ලි නුවර කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.