ඉන්දීය 'ජමුනා' නෞකාව ගාලු වරායට

ඉන්දීය 'ජමුනා' නෞකාව ගාලු වරායට

by Staff writer 05-01-2019 | 5:57 PM

COLOMBO (News 1st) - ඉන්දීය නාවික හමුදාවට අයත් 'ජමුනා' නෞකාව ගාල්ල වරායට සේන්දු වී තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ ඒකාබද්ධ වැඩ සටහනට සහභාගිවීම සඳහා එම නෞකාව පසුගිය දා කොළඹ වරායට සේන්දු වී ඇති බවයි. ඉන් අනතුරුව නෞකාව ගාල්ල වරායට පැමිණ ඇත්තේ, කොළඹ සිට ගාල්ල දක්වා මුහුදු තීරය සමීක්ෂණය කරමිනි. ගාලු වරායට සේන්දු වූ නෞකාව සහ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව පිළිගත්තේ ය. ජමුනා නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එච්. ඒ. හාර්ඩස් මහතා දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවුණේ දකුණු නාවික විධාන මූලස්ථානයේදීයි. ජමුනා නෞකාව පසුගිය දෙසැම්බර් 20 වැනි දා කොළඹ වරායට සේන්දු විය.