අලි මෙල්ල කිරීමට උත්සහ කළ අයෙක් එම අලියාගේම ප්‍රහාරයෙන් මරුට

by Staff writer 05-01-2019 | 9:48 PM

COLOMBO (News 1st) - පුද්ගලයෙක් වන අලියෙකු අසළට ගමන් කරන අවස්ථාවක් සහ අලියා සැණෙකින් ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් දක්නට ලැබේ.

මෙලෙස මියගොස් ඇත්තේ යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ සැරිසරන අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය තරුණයෙකි. ඔහු මෙලෙස ජීප් රථයෙන් බැස ගොස් ඇත්තේ, තමන්ට අලින් මෙල්ල කළ හැකි යැයි පවසමිනි. අලියාගේ ප්‍රහාරයෙන් මිය ගියේ කතරගම, වල්ලිමාතාගම පදිංචිව සිටි එල්. ඒ. සුසන්ත නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි. අප කළ විමසීමකදී යාල වනෝද්‍යානයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ පුද්ගලයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි. සුසන්ත මීට පෙර වන අලින් අසළට යන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් ද සමාජ මාධ්‍යවල දක්නට ලැබේ.