අගමැති දෙවිනුවර විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වල

by Staff writer 05-01-2019 | 6:31 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමංසිහ මහතා අද දෙවිනුවර විශ්ණු දේවාලයේ ආගමික වතාවත්වල නිරත විය.

දෙවිනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා මුලින්ම දෙවිනුවර රජමහා විහාරයේ ආගමික වතාවත්වල නිරත වූ එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය දයා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් ව සිටියහ. අනතුරුව අගමැතිතුමා දෙවිනුවර විෂ්ණු මහා දේවාලයේ පූජාවන් සඳහා එක් විය. අනතුරුව දෙවිනුවර රජමහා විහාරාධිපති ආචාර්ය දෙවිනුවර සිරි සුනන්ද හිමියන්ගෙන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පිටතට පැමිණෙන අවස්ථාවේ පාසල් සිසුවෙකු තමන් විසින් අඳින ලද අග්‍රාමාත්‍යවරයාගේ සිතුවමක් පිළිගන්වා ඇත.