by Staff writer 04-01-2019 | 8:56 PM
COLOMBO (News 1st) - සිය නිවසේ පැවති බව කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් පළ වන වාර්තා ගැන හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළේ ය.
ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද කිරීම සඳහා හොර රහසේ වසන් වී කටයුතු කිරීමට තම නිවස ලබා නොදුන් බව ය.
එවැනි ක්‍රියාවක් තමා සිදු කරන්නේ නම් කිසි විටෙක තම නිවස ඒ සඳහා භාවිත නොකරන බව ද රෙජිනෝල්ඩ් කුරේ මහතා අවධාරණය කළේ ය.