by Staff writer 04-01-2019 | 5:41 PM
COLOMBO (News 1st) - 2019 අයවැය ක්‍රියාවලියේ මුල් පියවර වන විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
අයවැය කතාව පැවැත්වෙන්නේ, මාර්තු මස 05 වන දා ය.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
විපක්ෂ නායකවරයා ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ මහතා මෙම රැස්වීමට සහභාගී වී නොමැති අතර විපක්ෂයේ නියෝජිතයෝ රැස්වීමට සහභාගී වී සිටියහ.
විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයෙහි වෙනසක් නොමැති බවට ද මෙහිදී අදහස් පළ වී තිබේ.
මේ අතර පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායකයින් සාකච්ඡා කර ඇතැයි සඳහන් ය.