වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද

වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද

by Staff writer 04-01-2019 | 6:09 AM

COLOMBO (News 1st) - නව වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරු 11.30 ට නව වසරේ පළමු පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම හමුවේදී නව වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දිනය ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද එම ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර ලබන 8 වන දා රැස්වන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ද මෙහිදී සකස් කිරීමට නියමිතව වේ.