මුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවදානමක්...

මුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවදානමක්... විමසිලිමත් වන්නැයි ධීවරයින්ට උපදෙස්

by Staff writer 04-01-2019 | 11:42 AM

COLOMBO (News 1st) - පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 - 60 ත් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩිවිය හැකි බවය. එබැවින් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවීමේදී විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙති.