නව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

by Staff writer 04-01-2019 | 3:37 PM
COLOMBO (News 1st) - නව ආණ්ඩුකාරවරුන් 5 දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. අසාත් සාලි මහතා දිවුරුම් දුන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරිණි. සරත් ඒකනායක මහතා දිවුරුම් දුන්නේ, උතුරු මැද පළාත් ආණඩුකාරවරයා ලෙසයි. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වන අතර වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ, පේෂල ජයරත්න මහතා ය.