නාමල් කුමාරට අධිකරණ නියෝගයක්

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන අදහස් ප්‍රකාශ කිරීම වළක්වමින් නාමල් කුමාරට අධිකරණ නියෝගයක්

by Staff writer 04-01-2019 | 10:35 PM
COLOMBO (News 1st) - ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීම වළක්වමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා වෙත අද නියෝගයක් නිකුත් කළේ ය. ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසිනි. නාමල් කුමාර මහතා විටින් විට ඒ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ තම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට බාධාවක් වී ඇති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.