ඇමති විෂය පථයන් සංශෝධනය කිරීමේ සූදානමක්

ඇමති විෂය පථයන් සහිත ගැසට් නිවේදනය සංශෝධනය කිරීමේ සූදානමක්

by Staff writer 04-01-2019 | 6:30 AM

COLOMBO (News 1st) - නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රයේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් ජනාධිපතිතුමා වෙත යොමු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, යොමු කර ඇති සංශෝධන පිළිබඳ ජනාධිපතිතුමා අධ්‍යනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවය. ඇතැම් අමාත්‍යවරුන් සිය විෂය පථයන් පිළිබඳ කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට තීරණය වී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙතෙක් එවැනි සංශෝධිත ගැසට් නිවේදනයක් මුද්‍රණය සඳහා තමන්ට ලැබී නොමැති බවයි.