අපි වෙලාවට ජනාධිපති අපේක්ෂකයාගේ නම කියන්නම් - මහින්ද රාජපක්ෂ

by Staff writer 04-01-2019 | 9:04 PM
COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණියේ ය. නව වසර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටයුතු ආරම්භ කෙරුණේ, ආගමික වතාවත්වලින් අනතුරුව ය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. විපක්ෂ නායකවරයා පැමිණ සිටි මහජන නියෝජිතයින් සමග සකච්ඡාවක් පැවති අතර එය ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව නොලැබිණි.