බීමත් රියැදුරන් 470 දෙනෙකු 31 වන දා කොළඹදී අත්අඩංගුවට

බීමත් රියැදුරන් 470 දෙනෙකු 31 වන දා කොළඹදී අත්අඩංගුවට

බීමත් රියැදුරන් 470 දෙනෙකු 31 වන දා කොළඹදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

04 Jan, 2019 | 11:31 am

COLOMBO (News 1st) – බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය 31 වන දා කළ විශේෂ මෙහෙයුම අතරතුරදීයි.

පොලීසිය ප්‍රකාශ කළේ, කොළඹ කොට්ඨාසයෙන් පමණක් මෙම බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත් බවයි.

එම දිනය තුළ මාර්ග නීති උල්ලංඝණය කළ රියැදුරන් 2236 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර 31 වන දා කළ මෙහෙයුමේදී අන්තරාදායක ලෙස රිය පැදවූ රියැදුරන් 198 දෙනෙකුට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙහෙයුම් ඉහළ නැංවීමත් සමග වාර්තා වන අනතුරු සංඛ්‍යාවේ පහළ යාමක් දක්නට ඇති බවයි.

ඒ අනුව 31 වන දා මෙරටින් වාර්තා වී ඇත්තේ රිය අනතුරු 3 ක් පමණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]