by Staff writer 04-01-2019 | 12:32 PM
COLOMBO (News 1st) - දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් පුද්ගලයෙකුට පහරදුන් බවට පැමිණිලි කර ඇතැත් එවැනි පහරදීමක් පිළිබඳව CCTV දර්ශනවලින් අනාවරණ නොවන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ, එම සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.
අර්ජුන රණතුංග මහතා පැමිණිලිකරුට පහරදී ඇතැයි තහවුරු වී නැත්නම් ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවේ ඇයිදැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී විමසා සිටියා ය.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ, අර්ජුන රණතුංග මහතා විසින් පැමිණිලිකරුට පහරදුන් බවට අනාවරණ වී නැතැත් ඔහුට පහරදීමක් සිදු ව ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පෙනී යන බවයි.
ඒ අනුව ඔහුට පහර දෙනු ලැබුවේ කවුද කුමන ස්ථානයකදී යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ ය.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම පහරදීමට සම්බන්ධයක් නොමැති නම් ඔහු එම චෝදනාවෙන් නිදහස් කිරීම සඳහා පුර්ණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇත.
නඩු විභාගය ලබන මස 01 වන දා යළි කැඳවීමට නියමිතයි.