පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

by Staff writer 03-01-2019 | 6:49 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම පළමු පන්දුවාරය අවසානයේදී කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6 ක්. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ලසිත් මාලිංග මෙහෙයවන ශ්‍රී ලංකා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න ඇතුලත් වේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් වන්නේ තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ නුවන් ප්‍රදීප්. දෙරට අතර මේ දක්වා පැවති එක්දින තරග 95 න් තරග 45 ක් නවසීලන්තය ද තරග 41 ක් ශ්‍රී ලංකාව ද ජය ගත් අතර අනෙක් තරග 8 අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. 2016 වසරේ ජනවාරි මාසයේදී මෙම කණ්ඩායම් දෙක අවසන් වරට හමු වූ අවස්ථාවේදී එම එක්දින තරගාවලිය තරග 3 ට 1 ක් ලෙස නවසීලන්තය ජය ගත්තේ ය.