ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 45ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 45ක ජයක්

by Staff writer 03-01-2019 | 3:03 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 45කින් ජය ගත්තේ ය. නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක නවසීලන්ත කණ්ඩායම කඩුලු 7කට ලකුණු 371 ක් රැස් කළේ ය. එම ඉලක්කය කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 326ක් පමණි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 102ක් රැස් කළේ ය.