මෙවර අයවැයෙන් රාජ්‍ය ආදායම හා අයවැය හිඟයට සැලසුම්

රාජ්‍ය ආදායම හා අයවැය හිඟය පිළිබඳ මෙවර අයවැයෙන් සැලසුම්

by Staff writer 03-01-2019 | 12:01 PM

COLOMBO (News 1st) - රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% කට වඩා වැඩි කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාධනය කර ගැනීමට හැකිවන පරිදි මෙවර අයවැය සකස් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනූව රජයේ පුනරාවර්ථන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක ප්‍රතිශතයකට සීමා කිරීමටත්, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5% ක ප්‍රතිශතයක පවත්වාගෙන යාමටත් මුදල් අමාත්‍යවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක ප්‍රතිශතයකට සීමා කිරීමට ද නියමිත වේ. මීට අමතරව නොපියවූ රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම සඳහා ද කැබිනට් අනුමැතිය හිමි විණි. 2021 වර්ෂය වන විට අත්පත් කරගැනීමට අපේක්ෂිත මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක වන අදාළ සැලසුම් සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.