by Staff writer 03-01-2019 | 3:38 PM
COLOMBO (News 1st) - මොරටුව මහ නගර සභාවේ විපක්ෂයේ අසුන් ගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනා අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේ ය.
එලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් වන ඩී.එම්. සුමිත් පුෂ්පකුමාර, රන්දු විජේසූරිය, නාලනී ප්‍රනාන්දු සහ දීපා ආරියවංශ යන මහත්ම මහත්මීන් ය.
මන්ත්‍රීවරුන් 23 දෙනෙකුගෙන් සමන්විත මොරටුව මහ නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඒ අනුව 27 දක්වා ඉහළ යනු ඇති.
මොරටුව මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් 4 දෙනෙක් හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ අසුන් ගෙන සිටිති.