හෙරොයින් සමග අත්අඩංගුවට පත් සැකකරුවන් බන්ධනාගාරයට

බේරුවලදී හෙරොයින් සමග අත්අඩංගුවට පත් සැකකරුවන් ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 03-01-2019 | 4:39 PM
COLOMBO (News 1st) - බේරුවල මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ එම ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. සැකකරුවන් තිදෙනාට එරෙහිව ගොනු වී ඇති චෝදනා වෙන් වෙන්ව ලබන 11 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට නියෝග කළා ය.