බුදු දහමට අගෞරව කරන්නන්ට එරෙහිව නව පනතක්

බුදු දහමට අගෞරව කරන්නන්ට එරෙහිව නව පනතක්..!

by Staff writer 03-01-2019 | 7:01 AM

COLOMBO (News 1st) - බුදු දහමට අගෞරව කරන්නන්ට එරෙහිව දඬුවම් ලබාදීමට නව පනතක් ගෙන එන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඊයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේ ය. මේ අතර සෑම පෝය දිනකම සහ ඉරිදා පස්වරු 2.00 දක්වා පෞද්ගලික උපකාරක පන්ති තහනම් කරන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, බෞද්ධ, කතෝලික මෙන්ම සියලු ආගම්වල දරුවන් දහම් අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. සර්ව ආගමික නායකයින් මෙන්ම විෂයන් භාර අමාත්‍යවරුන්ගේ ඒකමතික තීරණයෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඉදිරියේදී දහම් පාසල් අවසන් විභාගයේ සහතික පත්‍රය සඳහා අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයේදී ද යම් ලකුණු ප්‍රමාණයක් එක් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී තහවුරු කර තිබේ.