"පක්ෂයට පිටු පෑ අයට ක්‍රියාමාර්ග නොගැනීම වරදක්"

පොදුජන පෙරමුණට සහ එ.ජා.ප.යට එක් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම වරදක් - දයාසිරි ජයසේකර

by Staff writer 03-01-2019 | 6:59 PM
COLOMBO (News 1st) - මොරටුව මහ නගර සභාවේ විපක්ෂයේ අසුන් ගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ. එලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගත වූයේ, නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් වන ඩී.එම්. සුමිත් පුෂ්පකුමාර, රන්දු විජේසූරිය, නාලනී ප්‍රනාන්දු සහ දීපා ආරියවංශ යන මහත්ම මහත්මීන් ය. මන්ත්‍රීවරුන් 23 දෙනෙකුගෙන් සමන්විත මොරටුව මහ නගර සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඒ අනුව 27 දක්වා ඉහළ යනු ඇති. නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පක්ෂය තුළ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කළේ ය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට එක් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම වරදක් බව ය.