දකුණේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීමට පියවර

දකුණු පළාතේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය පුළුල් කෙරේ

by Staff writer 03-01-2019 | 11:23 AM

COLOMBO (News 1st) - දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ.

මේ යටතේ පළාතේ සියලු ආයුර්වේද බෙහෙත් ශාලාවලට නොමිලේ ඖෂධ සපයන අතර අනෙක් පළාත් සඳහා ආයුර්වේද ඖෂධ අළෙවි කිරීමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. ඖෂධ පැළෑටි ලබාගැනීම සඳහා අවශ්‍ය ඖෂධ උද්‍යාන මේ වන විටත් පිහිටුවා අවසන් වේ.