ජනපති නිදහස් පක්ෂ මූලස්ථානය නිරීක්ෂණය කරයි

ජනපති නිදහස් පක්ෂ මූලස්ථානය නිරීක්ෂණය කරයි

by Staff writer 03-01-2019 | 6:42 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. එහිදී පක්ෂයේ කාන්තා, තරුණ හා නීතිඥ සංගම් ඇතුළු සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා කර තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප‍්‍රතිසංවිධානයට ලක් කරමින් එහි ක්‍රියාකාරී දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීමේ හැකියාව මෙහිදී සාකච්ඡා කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශක්තිමත්, ජනතාවාදී පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන් බව ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු ද විධිමත්ව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය. මෙහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකුගේ උපන්දින සැමරුම සඳහා ද ජනාධිපතිතුමා එක් විය.