චීනයේ චැන්ග් ඊ 4 සඳ මතට ගොඩ බස්වයි

by Staff writer 03-01-2019 | 11:08 AM

චීනය කක්ෂගත කළ චැන්ග් ඊ 4 රොබෝ රෝවර් යානය සාර්ථකව සඳ මතට ගොඩබස්වා තිබේ.

ඒ, මීට පෙර සඳ තරණයේදී ළඟා නොවුණු ප්‍රදේශයක් වෙතයි. මීට පෙර කක්ෂගත කළ සියලු අභ්‍යවකාශ යානා සඳ මතට ගොඩබස්වා තිබුණේ පෘථිවියට පෙනෙන ප්‍රදේශයකිනි. එහෙත් මෙවර චැන්ග් ඊ 4 රොබෝ රෝවර් යානය චන්ද්‍රයාගේ නොපෙනන ප්‍රදේශයකට ළඟා වී තිබුණේ සඳ තරණය පිළිබඳ නවතම වාර්තාවක් ද සමගයි. චන්ද්‍රයා මත ඇති පස් පෘථිවියට රැගෙන ඒම මෙන් ම චන්ද්‍රයා ගවේෂණය මෙම යානය කක්ෂගත කිරීමේ අරමුණ වේ.