ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 03-01-2019 | 6:05 AM

දේශිය පුවත්

1. රංගේ බණ්ඩාර අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටී: එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය. 2. ගිනිඅවි 1064ක් සමග සැකකරුවන් 865ක් අත්අඩංගුවට: 2018 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලින් නීතිවිරෝධි ගිනිඅවි 1064 ක් සමග සැකකරුවන් 865 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 3. “නාලක ද සිල්වා අත්අඩංගුවට ගත්තේ පැහැදිලි සාක්ෂි මතයි” – CID ය අධිකරණයට දන්වයි: හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට ඔහු සම්බන්ධ බවට පැහැදිලිව සාක්ෂි මගින් අනාවරණයවීමෙන් පසුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේ ය. 4. මීගමුවේ සුනඛයා මරා දැමීම ගැන විමර්ශන ඇරඹේ: මීගමුව, කොප්පර හන්දියේ ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. 5. රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳවූ විදුලි සෝපාන අනතුර සම්බන්ධයෙන් විමර්ශන අරඹයි: රගර් ක්‍රීඩකයෙකුට මරු කැඳ වූ විදුලි සෝපාන අනතුර සම්බන්ධයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ තාක්ෂණික කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබේ.

විදෙස් පුවත්

6. 2017ට සාපේක්ෂව ඉකුත් වසරේ ගුවන් අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව ඉහළට: 2017 වසරට සාපේක්ෂව ඉකුත් වසරේ ගුවන් යානා කඩා වැටීම්වලින් ලොව පුරා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.