කළුතර වෙඩි තැබීම: ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

by Staff writer 03-01-2019 | 7:17 AM

COLOMBO (News 1st) - කළුතර උතුර ගාලුපාර තොටුපොළ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පායාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හටගත් ආරවුලක් මත මෙම වෙඩි තැබීම කර ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 57 හැවිරිදි පුද්ගලයා මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.