අල්ලස් ගත් ගොඩකවෙල ග්‍රාම නිලධාරීවරයාට වැඩ වරදී

අල්ලස් ගත් ගොඩකවෙල පරිපාලන ග්‍රාම නිලධාරීවරයාට වැඩ වරදී

by Staff writer 03-01-2019 | 6:11 PM
COLOMBO (News 1st) - රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් ගොඩකවෙල පරිපාලන ග්‍රාම නිලධාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබේ. එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, රක්වාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබා ගෙන ඇති බව ය. ව්‍යාපාරිකයා කපා ඇති දැව තොගයක් ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබා දීම සඳහා මෙම අල්ලස ලබා ගෙන තිබේ. ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළදී අල්ලස් මුදල ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගැනිණි. ඔහු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.