අයිස් ග්‍රහලෝකයේ ඡායාරූපයක් නිකුත් කෙරේ

අයිස් ග්‍රහලෝකයේ ඡායාරූපයක් නාසා ආයතනය නිකුත් කරයි

by Staff writer 03-01-2019 | 7:34 AM

අමෙරිකානු නාසා ආයතනයේ නිව් හොරයිසන් යානයෙන් ලබාගත් අල්ටිමා ටූලි නමැති අයිස් ග්‍රහලෝකයේ ඡායා රූපයක් ප්‍රථම වරට නිකුත් කර තිබේ.

අල්ටිමා ටූලි සැලකෙන්නේ මානව වර්ගයා මෙතෙක් අධ්‍යයනය කළ දුරම ග්‍රහලොව ලෙසයි. පෘථිවියට කිලෝමීටර බිලියන 6.5 ක් ඈතින් පිහිටා ඇති අල්ටිමා ටූලි වස්තූන් දෙකක සුසංයෝගයකි. හිම මිනිසා ලෙස නාසා ආයතනය එය නම්කර ඇත්තේ අයිස්වලින් සුසැදි එම ග්‍රහ වස්තුවේ ස්වරූපය පදනම් කර ගනිමිනි.