උතුරේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට වන්දි ලබාදීම ඇරඹේ

උතුරේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට වන්දි ලබාදීම ඇරඹේ

by Staff writer 03-01-2019 | 6:30 AM

COLOMBO (News 1st) - උතුරු පළාතේ ප්‍රදේශ රැසක ඇති වූ ගංවතුරින් විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ජාතික රක්ෂණ භාර අරමුදල මගින් වන්දි ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 25 ක් දක්වා මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බවයි. මේ අතර විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීමට කැප වූ සියලු පාර්ශවයන්ට ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කරයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ අංශ රැසකගේ දායකත්වය කඩිනමින් ලැබීම නිසා ජීවිත හා දේපළ හානී අවම කර ගැනීමට හැකි වූ බවයි. කථානායක කරූ ජයසූරිය මහතා ද අද ගංවතුරින් විපතට පත් වූ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා උතුරේ සංචාරයක නිරත විය. කථානායක කාර්යාලය සඳහන් කළේ, ඉදිරි සහන කටයුතු පිළිබඳව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද අද පැවැත්වෙන බවයි.